යුක්තිය මෙහෙයුමේදී සිදුවුණු අඩුපාඩු නිවැරදි කර ගනිමින් පොලිස් අණපනත්වලන් ලැබී ඇති බලතලවලට අනුව පොලිසිය මෙහෙයුම් කටයුතු නොනවත්වා සිදු කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
වෙනත් රාජකාරිවලට යොදවා සිටි නිලධාරින්ද ඒ සඳහා යොමු කරමින් මෙහෙයුම් කටයුතු වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පොලිසිය මගින් බලාපොරොත්තු වන සේවය මහජනතාවට හරි ආකාරයෙන් ඉටු නොවන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.