ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇති පොලිස් නිලධාරින් සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන බව වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
එමෙන්ම පොලිස් නිලධාරින්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවයි මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
පොලිස් නිලධාරින්ගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍ය ගැටලු හඳුනාගෙන ඒ සඳහා ඉදිරියේදී කඩිනමින් විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවයි වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ.