Saturday, January 11, 2025

General line - 0115112241

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති කෘෂිකර්ම ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය




ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයකටම අත්‍යවශ්‍ය බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු සභාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ එවැනි ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළේ නම් සහල් අර්බුදයක් මතු නොවන බවයි. එමෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය සතුව යාවත්කාලීන වන තොරතුරු නොමැති වීමෙන්ද අර්බුද රැසක් මතුව ඇති බවයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු සභාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.