හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම් කේ ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබෙනවා.
හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කළ බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම් කේ ශිවාජිලිංගම් මහතා දෙමළ ජාතික පක්ෂයේ ප්රධාන ලේකම් ධූරයේ කටයුතු කරනු ලබනවා.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඔහු 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර මහවිරු සැමරුම් පැවැත්වීම, එල් ටී ටී ඊ නායකයාගේ උපන්දිනයදා කේක් කැපීම වැනි සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඔහු පිළිබඳ ඉකුත් දිනවල කතබහට ලක්වුණා.