ලක්ෂ ගණනින් මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් අපරාධයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු දංකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම පොලීසියට ලද තොරතුරක් මත සිරිගම්පොළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
වෙළඳසැළක් බිඳ රුපියල් ලක්ෂ අටක් සහ රුපියල් ලක්ෂ දාහතර ලක්ෂ 90,000ක් වටිනා රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
මේ වන විට සැකකරු විසින් සොරාගත් රන් වළල්ලක්, රනු මුදුවක්, කරාබු ජෝඩුවක් රන් මාලයක් සහ රුපියල් හාරලක්ෂ 61,950ක මුදලක් පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.
අදාළ වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 200ක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි ලුණුවිල ප්‍රදේශයේ පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දංකොටුව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.