Saturday, January 11, 2025

General line - 0115112241

මහින්දගේ ආරක්‍ෂාවට සිටි 116ක් සාමාන්‍ය පොලිස් සේවයට




විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය අංක 05 සඳහා අනියුක්ත කර සිටි පොලිස් නිලධාරීන් 116 දෙනෙකු පොලිස් රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබෙනවා. 

මෙම පොලිස් නිලධාරීන් අතරට ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් 07 දෙනෙකු ඇතුළත්. පොලිස් පරික්‍ෂකවරුන් සිව් දෙනෙකුටද මෙහිදී ස්ථාන මාරු ලබාදී තිබෙනවා. 

මෙම නිලධාරීන් පොලිස් කොට්ඨාස 38කට ආසන්න සංඛ්‍යාවකට මාරු කර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

විශ්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය අංක 05 යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂාවයි.