ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම විසින් කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලූ අමෙරිකානු ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අදානි සමාගම පවසන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
2025 මුල් භාගය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් එම සමාගම පවසා තිබෙනවා.
අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලූ ණය මුදල ඉල්ලා අස්කර ගත්තද අභ්‍යන්තර උපචිත සහ ප්‍රාග්ධන කළමනාකරණ සැලැස්මක් හරහා කොළඹ වරාය පර්යන්ත ව්‍යාපෘතියට මුදල් සපයන බව අදානි සමාගම පවසා ඇති බවයි රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේ.
ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 51ක කොටස් හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයෙන් සියයට 34ක කොටස් හිමියි.
ඉතිරි කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වනවා.
අමෙරිකාව විසින් ඉකුත් දා අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි සහ තවත් හත් දෙනෙකුට අල්ලස් චෝදනා එල්ල කළා.
ඒ, ඩොලර් මිලියන 265 ක ව්‍යාපෘතියකට අදාළවයි.