වන සතුන්ගෙන් වගාවට වන හානිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වූයේ කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයයි.
වන සතුන්ගෙන් වගාවට වන හානිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා.
ඊට එක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ සතුන්ගෙන් වන හානි සලකා වෙනත් රටවල්ද මීට පෙර දැඩි තීන්දු ගෙන ඇති බවයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා සඳහන් කළේ ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ යාවත්කාලීන වන තොරතුරු ක්ෂණිකව ලබා දිය හැකි නම් අර්බුද රැසක් විසඳෙන බවයි.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වීමට නියමිතයි.