පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් සැකකරුවෙකු මුදාගැනීම සඳහා දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 06 වනදා එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මුල්ලේරියාව, කැලණිමුල්ල ප්රදේශයේදීයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් ද සිය භාරයට ගත් බවයි මුල්ලේරියාව පොලීසිය පැවසුවේ.
පසුගිය 01 වනදා මුල්ලේරියාව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පොලිස් ඇපමත නිදහස් කිරීමට කටයුතු කර දෙන ලෙසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ පුද්ගලයා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
ඔහු මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක සිදු වූ මංකොල්ලයක් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ කොල්ලකෑමට අනුබල දුන් තවත් සැකකරුවෙකු එම සැකකරු මාර්ගයෙන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි මුල්ලේරියාව පොලිස් ස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.