Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රදේශය අනුව වගා හානි සතුන්ගේ ප්‍රශ්නයට උත්තර

කමල් සුරවීර




වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ගොවිජනතාව ද සම්බන්ධ කර ගනිමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා. 

ඒ අනුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් සැදුම් ලත් ඒකකයක් සෑම ග්‍රාම සේවා වසමකම ස්ථාපිත කිරීමට නියමිතයි.

සෑම ග්‍රාම සේවා වසමකම මේ සඳහා ඒකකයක් ස්ථාපිත කිරීම මගින් ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාගත හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

පරිසරවේදීන්ගේ විරෝධය සම්බන්ධයෙන්ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

වන සතුන් ඝාතනය කළ යුතු බව තමා කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.