අමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ, වොෂින්ටනයේ පිහිටි කැපිටල් ගොඩනැගිල්ල තුළදීයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට එරට හිටපු ජනාධිපතිවරුන්, විදේශ රාජ්‍ය නායකයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක ක්‍රියාමාර්ග ගණනාවකට අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ඔහු පළමුව අත්අසන් තබා ඇත්තේ බයිඩ්න් පාලන සමයේ විධායක ක්‍රියාමාර්ග 78ක් අවලංගු කිරීම සඳහායි.
පළමු දිනයේදීම ඩොනල්ට් ට්‍රම්ප් විධායක නියෝග සියයකට අත්සන් තැබීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.