Wednesday, January 22, 2025

General line - 0115112241

ඉන්දියාව කෝපි වෙළඳපළත් අල්ලයි




ඉන්දියාව මේවනවිට ගෝලීය වශයෙන් හත්වන විශාලතම කෝපි නිෂ්පාදකයා බවට පත්ව තිබේ.

ඒ අනුව ඉන්දියාවේ කෝපි අපනයනය 2023-24 මූල්‍ය වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.29 ක් දක්වා ළගා වී ඇතැයි සඳහන්.

එය 2020-21 දී ඇමරිකානු ඩොලර් මිලියන 719.42 මෙන් පැවැති අගය දෙගුණයකින් පමණ වැඩිවීමක් බවයි ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

වර්ධනය වන ඉල්ලුමට හේතුව සඳහන් කරමින් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, එහි පොහොසත් සහ අද්විතීය රසයන් සඳහා ගෝලීය ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ කෝපි අපනයනය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවයි.

2025 ජනවාරි පළමු භාගයේදී ඉන්දියාව ඉතාලිය, බෙල්ජියම සහ රුසියාව ඇතුළු ඉහළම ගැනුම්කරුවන් සඳහා කෝපි ටොන් 9,300 කට වඩා අපනයනය කර තිබේ.