හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින් ඉකුත් දා සිදු කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් සිදු වූ අලාභය තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට සිදු කෙරන බව විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා වරාය අධිකාරියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිටත් හම්බන්තොට වරායට පැමිණ ඇති බවයි.
“වරාය අධිකාරියෙන් ඇවිල්ලා ඉන්නවා කණ්ඩායමක් පහුගිය කාලේ වෙච්ච අලාභ වළ ගණනය තිරණය කරන්නත් , ඊට අමතරව ඒ කාලේ ඇතුළත වැරදි විදිහට ආයතනයේ භාන්ඩ සහ ක්‍රමවේදය වැරදි විදිහට පාලනය කරපු අය ගැනත් අපි වාර්තාවක් ඉල්ලලා තියෙනවා. ඒ හරහා අපිට ඉදිරියේදි තිරණ ගන්න සිදුවෙනවා. අපි කිසිම කෙනෙක්ට අතක්වත් තියන්න ගියේ නැහැ. ඒ ගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒක කරගෙන යන්න දුන්නා. නමුත් ආයතනයට වෙලා තියෙන පාඩුව සහ ඒ අවභාවිතාවය අනුව අපිට තීරණ කිහිපයත් ඉදිරියේදී ගන්න සිදුවෙනවා”.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට මාගම්පුර වරාය පරිශ‍්‍රයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීයි.
ජපාන නැව් සමාගමක් හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් අකමැත්ත පල කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.