Wednesday, November 20, 2024

General line - 0115112241

සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමට උපදෙස්




උත්සව සමයේ සහල් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (19) නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති සුදු සහ නාඩු වී මෙට්‍රික් ටොන් විසි දහසක් වහාම මිලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත් කිරීමටද උපදෙස් ලබාදී තිබෙනවා.

ලංකා සතොස හරහා සහල් කිලෝග‍්‍රෑමයක් රුපියල් හැත්තෑ අටක මිලකට අලෙවි කරන්නැයිද අමාත්‍යවරයා මෙහිදී නියෝග කළා.

ආනයනය කරන සහල් තොග ලංකා සතොස හරහා අලෙවි කිරීමට නියමිතයි. රට තුළ සහල් හිඟයක් මවා පෑමට ඇතැමුන් උත්සහ දරමින් සිටිනවා. එහෙත් එවැනි කි‍්‍රයාවන්ට කිසිඳු ඉඩක් නොතබන බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙහිදී අවධාරණය කළේ.