Wednesday, November 20, 2024

General line - 0115112241

IOC වලින් තෙල් ගහන්නේ බලාගෙනයි – බාල පෙට‍්‍රල් තොගයක් යළි වෙළෙඳපොළට




ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් මෙලෙස IOC පිරවුම්හල් හරහා බෙදාහැර ඇති බවයි.

අදාළ ඉන්ධන පොම්ප මගින් වාහනවලට නිකුත් කිරීමේදී ඉන්ධන යන්ත‍්‍රවල කි‍්‍රයාකාරීත්වයට ගැටලූ මතු වී තිබෙනවා. ඒ, අදාළ ඉන්ධන නිසි ප‍්‍රමිතියෙන් තොර වීම නිසායි.

කොළඹ නගරයේ ඉන්ධනහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබඳ ඔවුන් අදාළ අංශ දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගය වෙනුවට නව ඉන්ධන තොග ලබාදෙන බවට බලධාරීන් ඔවුන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ එවැනි ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට තොරතුරු වාර්තා වී නොමැති බවයි.