උතුරුමැද පළාත් සෞඛ්‍ය රියදුරන් හෙට (21) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළහොත් යුද හමුදා සාමාජිකයින් යොදාගෙන පළාතේ සියලු රෝහල්වල ගිලන් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
උතුරුමැද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති ගමගේ සඳහන් කළේ වැඩවර්ජනයට මුහුණදීමට සූදානම් බවයි. රෝගීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවයි ඔහු වැඩි දුරටත් කියාසිටියේ.
උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන ගිලන් රථ රියදුරන් හෙට සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන්නේ තම සේවාව දෙපාර්තමේන්තුගත සංවෘත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙසට බලකරමින්.
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා තම ඉල්ලීම්වලට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් වැඩවර්ජනය කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බවයි රියදුරන් කියාසිටියේ.