ලංගමට අමතර කොටස් ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතාවකට ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස ලබන 22 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.
ශෂී වෙල්ගම, හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගේ සහෝදරයෙකු වනවා.