Friday, April 26, 2024

General line - 0115112241

තරඟයට කලින්ම ගැට්ලින් බෝල්ට්ට පරදී




ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (18) උදැසන සමත් වුණා. එ් 3 වන අවසන් පූර්ව තරගයද ජය ගනිමින්. ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 19. 78ක්. මීටර් සියය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ කැනඩාවේ අන්ද්‍රෙ දි ග‍්‍රාස් මෙම තරගයේ අවසන් මීටර් කිහිපයේදී උසේන් බෝල්ට්ට දැඩි අභියෝගයක් එල්ල කළේ තත්පර 19.80කින් තරගය නිම කරමින්.

මේ අතර මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින්ට මීටර් 200 ධාවන ඉසව්වේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අද දිනයේ අහිමි වීමද කැපී පෙනෙනවා. තුන්වන අවසන් පූර්ව තරගයේදි ඔහුට හිමි වූයේ 3 වැනි ස්ථානයයි. ඔහුගේ තරග නිමි කාලය තත්පර 20යි දශම 1යි 3ක්. ඔහු සමග තරග වැදුනු පැනමාවේ අලොන්සෝ එඞ්වර්ඞ් සහ නෙදර්ලන්තයේ කරන්ඩි මාර්ටිනා මීටර් 200 අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

01