මධ්‍යම රාත්‍රියේ සිටවහාම ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වෙනවා.
රුපියල් 420ක් ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින බවයි නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.
තවද ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 317ක්.
භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක් වෙනවා.
සංශෝධනය කර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඇතුලත් නිවේදනය පහතින්.