Thursday, April 17, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම්කළ 14 දෙනෙකු වලපනේදී සහ ගලෙන්බිඳුණුවැවදී අත්අඩංගුවට



පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 13 දෙනෙකු සහ සැකකාරියක් දිවයිනේ ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරු අනුව ගලෙන්බිඳුණුවැව සහ වලපනේ පොලිස් ස්ථාන මගින් සිදුකළ වැටලීම්වලදීයි.

වලපනේ නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පොලීසිය සිදු කළ වැටලීමකදී පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේ සිදු කල තවත් වැටලීමකදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් හා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වලපනේ පොලීසිය සහ ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.