ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් රට නැවත ආපස්සට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එබැවින් එම සියලු එකඟතාවන් නීතිගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.