අත්අඩංගුවට ගත් සැකකරුවෙකු.හලාවත පොලිස් ස්ථානයේ සිරමැදිරියෙන් පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු ඉකුත් 13 දින හෙරෝයින් මිලි ග්‍රෑම් 5870 ක් සමග කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්තඩංගුවට ගෙන තිබු අතර දින හතක රැඳවුම් නියෝග මත හලාවත පොලිස් ස්ථානයේ රඳවා තිබෙනවා.
පසුව ඊයේ (16) දහවල් 12.30 ට පමණ එම සැකකරු පොලිසිර මැදිරියෙන් එකවරම පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත වට්ටකල්ලිය ප්‍රදේශයේ පදිංචි (29) ජාවාරම්කරුවෙක් බව පොලිසිය පවසයි.
සිරමැදිරියේ රඳවා සිටි සැකකරුට ඉන් පලායාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් දිවා උපසේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ, දිවා රාජකාරී භාරව සිටි පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ .
සැකකරුවෙකු සිරබාරයෙන් පැනයාමට රජයේ සේවකයෙකු විසින් නොසැලකිලිමත් ලෙස ඉඩ හැරීම යන චෝදනා යටතේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට බර ගත් බව පොලිසිය පවසයි.
හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි