මකුළුගස්වැව, දේවහුව ප්‍රදේශයේ ගංජා වගාවක් පවත්වාගෙන ගිය හිටපු යුධ හමුදා සෙබලෙකු යුධ හමුදා නිල ඇඳුම් කොටස් කිහිපයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී යුධ හමුදා නිල ඇඳුම් කොටස් කිහිපය සොයාගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මකුළුගස්වැව පොලිස් ස්ථානයට භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.