Thursday, February 27, 2025

General line - 0115112241

බන්ධනාගාර නිලධාරීන්ට රතු එළියක්



බන්ධනාගාර නිලධාරීන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළහොත් එම නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය පියවර හා නීතියානුකූලව පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක පැවසුවේ බන්ධනාගාර නිලධාරීන් අධිකරණ කටයුතු පැහැර හැරීම හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කිරීම හෝ ඒ සඳහා අනෙකුත් නිලධාරීන් පෙළඹවීම සිදු සිදු වනවාදැයි දැඩි විමසිල්ලෙන් සිටින බවයි.

බන්ධනාගාර ආඥා පනතට අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ සංගම් වෘත්තීය සමිති ලෙස නොසලකන බව ඔහු පැවසුවා.

එහෙත් නිලධාරීන් පිරිසක් තම රජකාරී වගකීම හා තමාට ඇති නීත්‍යානුකූල අයිතීන් පිලිබඳ නිසි පරිදි අවබෝධ කර ගැනීමකින් තොරව වෘත්තීමය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක පැවසුවේ.