Thursday, February 27, 2025

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වනදා සිට



2024 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කොළඹ ජාත්‍යන්ත සිනමා උළෙල මෙම වසරේ ජූලි මස 08 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සිනමා උළෙල මඟින් ඉරානය, ප්‍රංශය, ඉන්දියාව, දකුණු කොරියාව, චීනය, ජපානය හා ජර්මනිය ඇතුළු රටවල් රැසක සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට නැරඹීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසෙනවා.

සිනමා විද්‍යාර්ථයින්ට ගෝලීය සිනමාකරණය පිළිබඳ පුළුල් අවබෝධයක් සහ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සැලසීම ද එම සිනමා උළෙල පැවැත්වීමේ තවත් අරමුණක්.