නිර්මල බුදු දහම මෙරටට දායාද කළ මහින්දාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
ආගමික මෙන්ම මෙරට සංස්කෘතික හා සමාජයීය, පරිවර්ථනයන් රැසකට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හේතු පාදක වුණා.
මහින්දාගමනයත් සමඟ මෙරට සමාජ ව්‍යපර්යාසයක් මෙන්ම ආධ්‍යාත්මික සහ චින්තන විප්ලවයක් සිදුවූ බවයි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ.
මහින්දාගමනයත් සමඟ මෙරටට එක්කල වටිනාකම් පිළිබඳව ද පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන් මෙහිදී කරුණු පැහැදිලි කළා.
බුදු දහමේ විශිෂ්ඨත්වය, ඓතිහාසික උරුමයන් හා සම්ප්‍රදායන් පිළිබඳව නැවත සිතා බැලීමට, පොසොන් සමය තුළ මෙරට බෞද්ධ ජනතාව අවධානය යොමු කළ යුතු බවද උන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.
පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කෙරෙන නෙත් එෆ් රේඩියෝවේ ශ්වේත පූජා පිංකම් මාලාව අද දිනය පුරා ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
නෙත් එෆ් එම් රේඩියෝවේ මාධ්‍ය දායකත්වයෙන් සංවිධාන කෙරෙන තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව එම විහාරස්ථාන පරිශ්‍රයේදී අද පැවැත්වෙන්නේ තුන්වන දිනටයි.
ඒ අනුව අද දහවල් කාලය දක්වා සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව පවතිනවා.