Sunday, March 30, 2025

General line - 0115112241

ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයකට ජනපතිගෙන් පැසසුම්



සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ඒ, බොරලැස්ගමුව ප්‍රදේශයේදීයි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ පැන නොගොස් රට වෙනුවෙන් වගකීම් ඉටු කළ ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයට සිය ස්තූතිය පිරිනමන බවයි.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද එක්ව සිටියා.