විදේශගත ශ්‍රමිකයින් ව්‍යවසායකයින් ලෙස රටේ නිශ්පාදන ආර්ථිකයට දායක කරගැනීම සදහා වන විශේෂ වැඩපිළිවෙලක් දිවයින පුරා ක්‍රියාත්මක කරන අතර, ඒ සදහා වන මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවා.
විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණ ස්වයං රැකියා ආරම්භ කළ ශ්‍රමිකයින්ගේ නිශ්පාදන සදහා වෙළදපොළක් නිර්මාණය කිරීම සදහා උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේදී අද පැවති වෙළදපොළට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නා.
විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ වසර පහක් ඇතුළත මේ සදහා අයදුම් කළ හැකි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කටයුතු කරන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් හරහා අදාල අයදුම්පත් යොමු කළ යුතු වනවා.
එසේ ව්‍යවසායකයින් ලෙස ස්වයං රැකියා ආරම්භ කරන ශ්‍රමිකයින්ට ආරම්භයේදී රුපියල් පනස් දහසක ප්‍රදානයක් හිමිවන අතර ව්‍යවසාය පුළුල් කරගැනීම සදහා අදියර වශයෙන් ආධාර ලබාගත හැකිවේ.
මෙම අවස්ථාවට උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා, ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් මේ වන විට උමන්දාවේ පුහුණුව ලබමින් සිටින කණ්ඩායමක්ද එක්ව සිටියා.