Friday, February 28, 2025

General line - 0115112241

අර්බුද හමුවේ පලායන නායකයින් ගැන විශ්වාසය නොකරන ලෙස ජනපති ජනතාවගෙන් ඉල්ලයි



රටක අර්බුද ඇති වූ විට එම අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සෙතක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පසුගිය කාලයේ රටතුළ අර්බුදයක් ඇති වූ විට වර්තමාන ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ට රට භාර ගැනීමට යෝජනා කරද්දී ඔවුන් අභියෝගවලට මුහුණ නොදී පලා ගිය බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව මහා නගර සභා ශ්‍රවනාගාරයේ  පැවැති මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවට එක්වෙමින්.

රට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද වන විට රට තවත් අර්බුද රැසකට මුහුණ දීමට තිබූ බවත් තම රජය යටතේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.