Sunday, April 20, 2025

General line - 0115112241

ජුලි 02 පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්



එළඹෙන ජුලි මස 02 වැනි අඟහරුවාදා පෙරවරු 9යි 30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ අනුව එදින එම රැස්වීමට පැමිණ සහභාගී වන ලෙස සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වන ස්ථාවර නියෝගය ප්‍රකාරව එම රැස්වීම කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.