සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් වත්තල හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල සිදුකල වැටලීමකදීයි.
එම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මට්ටක්කුලිය, බූස්ස හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03යි ග්‍රෑම් 492ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් තිදෙනා ත්‍රීරෝද රථයක්, කැබ් රථයක් හා යතුරුපැදියක් මගින් එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබෙනවා.