නව ආරකින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සැකකරුවන් 4,522ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ දිවයින පුරා සිදු කළ වැටලීම් 1,465කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී වැටලීම් සිදු කළ නිලධාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.