බස්නාහිර පළාත් සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ අනුකමිටු රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුනා.
එහිදී කෝට්ටේ ප්‍රදේශයේ පවතින පුරාවස්තු සංරක්ෂණය කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ සඳහා චීන රජයෙන් ආධාර ලැබෙන බවත්, එම ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදෙන බවත් සාකච්ඡා වී තිබෙනවා.
තවද එයට අදාළ ඇස්තමේන්තු වාර්තාව සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී තිබුනා.