Tuesday, March 4, 2025

General line - 0115112241

දුම්රිය වර්ජනය නීතිවිරෝධීයි - ප්‍රවාහන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් 



ප්‍රවාහන සේවාව මෙරට අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සේවයට වාර්තා නොකරන සේවකයින්ට විනයානුකූල පියවර ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ලේකම් රංජිත් රූබසිංහ පවසනවා 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවාහන සේවය පසුගිය සතියේදී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති බව ද රංජිත් රූබසිංහ සඳහන් සඳහන් කර සිටියා.

එසේ තිබී දී දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී බවද අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ.

මෙම හදිසි වැඩවර්ජනයන් නිසා  බදුල්ල, ත්‍රිකුණාමලය හා මඩකළපුව  දක්වා අද  (09)  ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර ඇති බවත්, එම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා  ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා  සඳහන් කර සිටියේ.

මෙම වැඩවර්ජන තත්ත්වය හේතුවෙන්  හෙට (10) දිනයේ කාර්යාලයීය දුම්රිය ධාවනයට  බාධාවක් ඇති වුවහොත් ඊට මූහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි ගණනක් යෙදවීමටත්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන මගීන් සඳහා ලංගම බස් රථවල ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය ලේකම් රංජිත් රූබසිංහ  වැඩිදුරටත් සඳහන් කර සිටියා.