Tuesday, March 4, 2025

General line - 0115112241

වර්ජනයෙන් දුම්රිය ගමන් ඇනහිටී - වාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස්වලින් යන්න අවස්ථාව



මේ අතර වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

සිය ඉල්ලීම්වලට බලධාරින් විසින් මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීම හේතුවෙන් තමන් මෙලෙස එක් දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.


මේ අතර දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කිරීමට නියමිත වැඩවර්ජනය නීතිවිරෝධී බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එබැවින් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍යාංශය අවධාරණය කළේ.