Sunday, March 9, 2025

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් 09 දෙනෙකු අත්අඩංගුවට

දිනසේන රතුගමගේ



නීති විරෝධී ලෙස යාපනය ඩෙල්ෆ්ට් මුහුදු තීරයට ඇතුලු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඉන්දීය ධීවරයින් පිරිස උතුරු මුහුදට පැමිණි යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු ඉන්දීය ධීවරයින් පිරිස කන්කසන්තුරේ වරායේ දී යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

එම ඉන්දීය ධීවරයින් පිරිස යාපනය ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.