ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණය සඳහන් කර ඇත්තේ අදාළ අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 06 වනදා තෙක් බල පැවැත්වෙන බවයි.