Sunday, March 16, 2025

General line - 0115112241

මඤ්ඤොක්කා කොටුවකින් ජීව අත්බෝම්බයක් සොයාගැනේ

ගල්පාත චන්දන ජයලාල්



අඟු‍රුවාතොට ප්‍රදේශයේ මඤ්ඤොක්කා කොටුවකින් ජීව අත්බෝම්බයක් හමු වී ඇති බව'අඟු‍රුවාතොට පොලිසිය පවසනවා.

'අඟු‍රුවාතොට කෙසෙල් හේනාව, රත්මල්වත්ත ප්‍රදේශයේ ඉඩමක් කුලී පදනම මත ලබාගත් එම ප්‍රදේශයේ තරුණයකු විසින්'මඤ්ඤොක්කා සිටුවීම සඳහා වලවල් සකසමින් සිටියදී එම අත් බෝම්බය දැක තිබෙනවා.

ඒ අනුව අඟුරුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ නිරීක්ෂණය කිරීමේදී, එය ජීවත් බෝම්බයක් බවට සහතික කර ගෙන තිබෙනවා.

පොලීසිය කළ දැනුම් දීමකට අනුව'කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සෙබළුන් පැමිණ එම අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

'එම අත් බෝම්බයේ දෙමළ අකුරින් යමක් සටහන් කර තබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඟු‍රුවාතොට පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.