Tuesday, April 22, 2025

General line - 0115112241

ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැඩිවීමක්



ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ හේතුවෙන් උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පවතින දරුවන් මුව ආවරණ පැළඳීම යෝග්‍ය වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.  

එමගින් ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීම අවම කර ගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.  

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.