Tuesday, April 8, 2025

General line - 0115112241

ඡන්ද පත්‍රිකාව වෙනස් වන ලකුණු



මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වීමේ හැකියාවක් පවතින බව රජයේ මුද්‍රණාලය පවසනවා.

මහ මැතිවරණයට අදාළ ඇතැම් මුද්‍රණ කටයුතු මේ වන විටත් සිදුකරන බවයි රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

එමෙන්ම මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.