Saturday, April 19, 2025

General line - 0115112241

තවත් පැමිණිලි 62ක් මැතිවරණ කොමිසමට



මහමැතිවරණයට අදාළව තවත් පැමිණිලි 62ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් නීති උල්ලංඝණය කිරීමට අදාළව පැමිණිලි 61ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

එම පැමිණිලිවලින් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි ගණන 42ක්.

නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව සෙසු පැමිණිලි 19ක් ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය වෙතයි.

පසුගිය සැප්තැම්බර් 26වනදා සිට ඊයේ දිනය දක්වා මහමැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 662ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ