Saturday, April 19, 2025

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිසක් රිමාන්ඩ්

මාධව කුලසූරිය



පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 12 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙරට මුහුදු සීමාවේදී මසුන් මරමින් සිටියදී එම ධීවරයින් නාවික හමුදා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව එම ඉන්දීය ධීවරයින් ගොඩබිමට රැගෙන ඒමෙන් පසු යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව සැකකාර ධිවරයින් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ.