Saturday, April 19, 2025

General line - 0115112241

බේකරි ජානා අයිස් සමඟ STF අත්අඩංගුවට



සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් බොරලැස්ගමුව, දේවාලමුල්ල පාර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලි ග්‍රෑම් 60 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. සැකකරු වැඩිදුර විමර්ශන සදහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.