Tuesday, April 29, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක්



අද සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. 

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරමින් ප්‍රතිපත්ති අනුපාතිකය සියයට 8ක් ලෙස පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්තේ. 

මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.