තමන් සතුව පවතින සහල් නව පාලන මිල යටතේ අළෙවි කිරීමේදි තමන්ට කිලෝවකින් රුපියල් 40 ක පමණ පාඩුවක් සිදුවන බව මරදගමුල සහල් නිෂ්පාදන සංගමය පවසනවා.
කෙසේවෙතත් පාලන මිල යටතේ සහල් අළෙවි කරන බවයි එම සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ.
මේ අතර දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සහල් ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත් වුණා. එහිදී සහල් සඳහා වන උපරිම මිල සංශෝධනය කිරීමට එකඟතාවකට පැමිණ තිබුණා.
ඒ අනුව එම මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ එච් ඩී කේ සමරකෝන් මහතා විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සුදු සහ රතු කැකුළු සහල් සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 215 ක් ලෙසත් උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 220 ක් ලෙසත් එම ගැසට් නිවේදනයේ සඳහන්.
සුදු/රතු නාඩු සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 225 ක් සහ එහි සිල්ලර මිල රුපියල් 230 ක් වන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.
සම්බා සහල් කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල වන්නේ රුපියල් 235 ක්. එහි උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් වනවා.
කීරි සම්බා සඳහා කිලෝ ග්‍රෑමයක උපරිම තොග මිල රුපියල් 255 ක් වන බවත් එහි උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් වන බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.
මෙම මිල ගණන් ඊයේ දිනයේ සිට බල පැවැත්වෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා.
මේ අතර ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ක් වනවා.
ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ක් වන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ආනයනික සම්බා සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230 ක් වනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති කේ එච් ඩී කේ සමරකොන් මහතා පැවසුවේ එම මිල ගණන් ඊයේ දින සිට බල පැවැත්වෙන බවයි.
මේ අතර සහල් අර්බුදය සම්බන්ධයෙන් අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා.
මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
මේ අතර අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාපිත මහා පරිමාණ සහල් මෝල් පරික්ෂාව තවදුරටත් සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සහල් මෝල්වලින් වෙළඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණයන් සම්බන්ධයෙන් ගණනය කිරීම් එහිදී සිදුකරන බවයි.