Monday, April 28, 2025

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 213ක් අත්අඩංගුවට



කේරළ ගංජා කිලෝ 213යි ග්‍රෑම් 813ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් වී තිබෙනවා. 

ඒ, කයිට්ස් පොලිස් වසමේ කෂුරිනා වෙරළ තීරයේදීයි. කේරළ ගංජා තොගය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කේරළ ගංජා තොගය රැගෙන ආ බවට සැකකෙරෙන බෝට්ටුවක්ද සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.