Thursday, March 6, 2025

General line - 0115112241

හිටපු ජනපති රනිල් හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි.

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අද අවසන් ගෞරව දක්වා තිබෙනවා. 

ඒ, නව දිල්ලි අගනුවරදීයි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සමඟද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කෙටි සාකච්ඡාවකට එක්ව ඇති බවයි වාර්තා වුණේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට එලෙස අවසන් ගෞරව දක්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.