Monday, March 31, 2025

General line - 0115112241

පුද්ගලයින් 16,930ක් තවමත් පීඩාවේ



දිවයිනේ පළාත් 05කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 5,738කට අයත් පුද්ගලයින් 16,930 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 71කට අයත් පුද්ගලයින් 239 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 08ක රඳවා සිටින බවයි. 

හාලිඇල ප්‍රදේශයෙන් එක් පුද්ගල මරණයක් ද වාර්තා වනවා. 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 98කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඇදහැලෙන මහ වැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 58ක් තවදුරටත් වාන් දමමින් පවතිනවා. 

එමෙන්ම මධ්‍යම ප්‍රමාණයේ වැව් 46කට අධික ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක මහත්මිය පැවසුවේ. 


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ලහිරුණී ජයතිලක මහත්මිය.