පෙර පැවති ආණ්ඩු මෙන් වත්මන් ආණ්ඩුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කිසිවිටකත් බලපෑමක් සිදු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
ඒ අනුව එම කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශ පිළිගෙන විදුලි ගාස්තු සියයට 20කින් අඩු කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එලෙස විදුලි ගාස්තු අඩු වීම ජනතාවට මහත් අස්වැසිල්ලක් බවත් එහි වාසිය ජනතාවට ලබාදීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වූවන්ද කටයුතු කළ යුතු බවත් ඔහු පැවසුවා.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙම අදහස් පළකළා.