ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසලදී පසුගිය ඔක්තෝබර් 16 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝදර, පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 420ක්ද සොයාගෙන තිබෙනවා.
සැකකරු හැදල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
ඔහු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු ලෙසයි අනාවරණ වී ඇත්තේ.